Sunday, December 26, 2010

මැරතන්

                 ඔන්න කුම්බෙ O/L ලියන කාලෙත් ලඟා උනාලු. මේ ඉතින් වසර කීපයකට ඉස්සර. ඉතින් කුම්බෙ හිත ගත්තා මෙච්චර කල් කරපු නසරානි වැඩ කිඩ ටික පැත්තකට දාලා හොඳට විභාගෙ කරන්න. එහෙම හිතලා 11 වසරෙ මුල් මාසෙ බැහැලා ස්ටඩි කරගෙන ගියා ලු. යාළුවන්ටත් ඉතින් මේක පුදුමයක් ලු.
                ඇත්තටම කියනවානම් මේ ස්ටඩිමොරාල් එක තිබ්බෙ හරියටම මාසයයි ලු. මොකද හැම ඉස්කෝලෙකම වගෙ පෙබරවාරි මාසෙ වගෙ ඉඳල වාර්ෂික ක්‍රීඩා උත්සව පටන් ගන්නවනෙ. ඉතින් මේ සංසිද්ධිය කුම්බෙගෙ පාසලටත් පොදුයි ලු. ස්පෝට් මීට් ඒක එනව්න්ස් කරපු දවසෙ ඉඳල කුම්බෙගෙ ස්ටඩි මොරාල් එක කොහෙන් ගියාද කියල දන්නෙ නැති ලු.
              කුම්බෙත් ඉතින් මේ වගෙ වැඩ වලට බොහොම කැමතියිනෙ. ඉතින් මුලු දවසම පිට්ටනියෙම තමා. ඉතින් කුම්බෙ මේ පාර තීර්ණය කලාලු මැරතන් තර්ඟයට සහභාගි වෙන්න. වෙන කවඩවත් නැතුව උදේ පාන්දරින්ම ඉස්කූල් ආපු කුම්බෙ මැරතන් එකට ෆුල් ෆැක්ටිස්ලු. ෆුල් කිව්වට ෆුල්ම නෙවෙයිලු. පොඩ්ඩක් දුවනවා ලු. ගොඩාක් රෙස්ට් කරනවාලු. ආයෙ පොඩ්ඩක් දුවනවා ලු.ගොඩාක් රෙස්ට් කරනවාලු.   මේ දවස් වල උගන්නන බොහොම ටික වෙලවත් කට් කරගන්න එක තමයි කුම්බෙගෙ ප්‍රධන අරමුණ වෙලා තිබුනෙ. නැතුව මැරතන් එකට ෆැක්ටිස් වීම නෙවෙයි ලු. 
              ඔන්න කොහොම හරි මැරතන් එක දුවන දවසත් උදා උනා. උදේ ම ඉස්කෝලෙ ගිය කුම්බෙත් හරියට ප්‍රොෆෙසනල් ක්‍රීඩකයෙක් වගේ වැඩ දාලා වෝම් අප් වෙලා එහෙම ගේම් එකට සෙට් උනා ලු. ඔන්න ඉතින් මැරතන් එක පටන් ගත්තා. කුම්බෙත් ඉතින් ෆුල් වීරිය දාල දුවගෙන යනවලු.කොහොමටත් මේ මැරතන් එකේ දුර 15km විතර තියනවා. ලංකාවෙ තියන ප්‍රධාන පාරක් අසල තියන කුම්බෙගෙ පාසලින් ඇරබෙන මේ තරඟය ඒ ප්‍රධාන පාරෙ ගිහින් තවත් අතුරු මාර්ගයකට හැරිල නැවත පාසලට එන එක තමයි මේකෙ ට්‍රැක් එක. 
               දැන් ඉතින් කට්ටියම එකම පොදියකට දුවනවා ලු. පළවෙනි 3km විතර යනකොට කුම්බෙට ෆුල් ටයඩ් ලු. මෙවා ඉතින් කවදා කාපු ටකරංද? ඒත් ඉතින් හිතට ෆුල් ධෛරිය ගත්ත කුම්බෙත් දුවගෙන ගියාලු. දිව්වා කිව්වට ටිකක් දුවනවා. ටිකක් ඇවිදිනවා. කොහොමටත් තරගෙන් ඉවත් වෙලා ප්‍රථමාධාර වාහනෙ යන්න කුම්බෙගෙ හිත ඉඩ දුන්නෙම නැති ලු. හැබැයි මේ වෙනකොට අනිත් ක්‍රීඩකයො එකෙක් වත් ළඟ පාතක නැහෑ ලු. ඔන්න කොහොමෙන් කොහොමහරි 7.5km විතර ආව ලු. දැන් තියෙන්නෙ ප්‍රධාන මාර්ගයෙන් අතුරු පාරට හැරෙන්ඩ ලු. මේ පාරට හැරෙනවත් එක්කම කුම්බෙ දැක්කලු දියබරියව. දියබරියා කියන්නෙ ඉස්කෝලෙ ඉන්න මැරතන් සූරය. හැම මීට් එහෙකම මිනිහා තමා මැරතන් වලින් ෆ්‍රස්ට් වෙලා තියෙන්නෙ. මිනිහත් ඉතින් හෙමින් දුවගෙන යනව ලු. කොහොම හරි කුම්බෙ දිය බරියාව ඉස්සර කරාලු. ඉතින් කුම්බෙට දැන් ෆුල් හැපී ලු. හැමෝම ගෙස් කරලා තිබ්බෙ දිය බරියා මේ පාරත් කප් එක ගනීවි කියලා ලු. ඉතින් මෑන් ව ඉස්සර කලා කියන්නෙ කුම්බෙ මේ පාර ෆ්‍රස්ට් කියන එකනෙ. කොහොමද ටිකිරි මොලේ? 
                කොහොමහරි දැන් තර‍ඟෙ අවසන් වෙන තැනට කුම්බෙ ආව ලු. එතකොට කට්ටියගෙම චියර් එක කුම්බෙට ඇහුනා ලු. එතකොට ඉතින් හිතට ලොකු ගැම්මක් එනවානෙ. ඒ ගැම්මත් එක්ක ඇඟට ලොකු හයියකුත් කුම්බෙට ආවලු. දැන් නම් කුම්බෙට ෆුල් ම ෆුල් හැපී ලු. ඇයි ඉතින් පළවෙනියනෙ. කාටද ආඩම්බර? කොහොම හරි ඉතිං ‍ෆිනිෂිං ලයින් එකත් කුම්බෙ ක්‍රොස් කලා. එහෙම කරලා කැරකිලා වැඩ  දාලා, අත් උස්සලා කට්ටියට ආචාර කරද්දි ඕන් දැක්කා මැරතන් එක දුවපු 20ක් විතර ට්‍රැක් එක කම්ප්ලීට් කරල චේන්ජ් එහෙකුත් දාගෙන ඉන්නවා. දැන් ඉතින් වස ලැජ්ජාව. මැරතන් එකේ ෆ්‍රස්ට් ප්ලේස් සිහිනෙ බොඳ වෙලා යද්දි කුම්බෙගෙ ඇස් වල කඳුලුත් පිරුනා ලු. 
                 දැන් ඉතින් කුම්බෙට හරිම අප්සෙට් එකලු මෙහෙම උනෙ කොහොමද කියල. ඇයි ඉතින් හැමදාම ෆ්‍රස්ට් ප්ලේස් ගන්න දියබරියාවත් ඉස්සර කරපු එකෙ කොහොමද කුම්බෙට ෆ්‍රස්ට් ප්ලේස් නැති උනේ කියල. හැබැයි ඕක වැඩි වේලාවක් කල්පනා කර කර ඉන්ඩ ඕනි උනේ නැති ලු. ඔන්න ටික වෙලාවකින් ප්‍රථමාධාර වෑන් එක ආවලු. ඒකෙ දියබරියා හතර ගාතෙන් වැටිල ඉන්නව ලු. වෙලා තියෙන්නෙ මේකයි. මෑන් දුවද්දි ආබාදෙකට ලක් වෙච්චි එකලු. 
                     බැලින්නම් කුම්බෙ ඉස්සර කරල තියෙන්නෙ මේ අසරණයාව. ඔන්න ඔහොමයි කුම්බෙ මැරතන් දිව්වෙ.



ප.ලි.
කුම්බෙට පස්සෙත් තව දහදෙනෙක් විතර ට්‍රැක් එක සම්පූර්ණ් කරා ලු. ඒක හින්ද අන්තිමයා නම් උනේ නැහැ ලු

Saturday, December 25, 2010

බඩා සර් ගෙ දිව්‍ය ලෝක හය.

            අද නම් මම කියන්න යන්නෙ 'ලු' ෆොමැට් එකේ කතවක්. ඒ කියන්නෙ අසා දැනගත් කතාවක්. හැබැයි කතාව නම් ඇත්තම ඇත්ත කතාවක්. මේ සිද්ධියට සම්බන්ධ ගුරු තුමගෙ නික් නේම් එක තමයි "බඩා සර්". බඩා සර් කියන්නෙ ඇයි කියලා හිතා ගන්ඩ පුලුවන් නෙ ඉතින්. දැන් නම් එයා ජීවතුන් අතර නෑ.
              බඩා සර් අපිට ඉගැන්නුවෙ බුද්ධ ධර්මය. නමුත් එතුමා ගෙ බුද්ධ ධර්මය පිළිබද දැනීමයි අපේ බුද්ධ දර්මය පිළිබ්ද දැනීමයි එක සමානයි. ඒ කියන්නෙ බොහොම සාමාන්‍යය යි. සමහර විට  බුද්ධ ධර්මය බඩා සර් ගෙ විෂය නොවෙන හින්දා වෙන්න ඇති. ඒත් ඉතින් බුද්ධාගම !!! අනේ මන්දා.
              මෙන්න මේකයි කතාව. 
   
      බඩා සර් දවසක් අපිට ඉහල පන්තියකට ගියලු බුද්ධාගම උගන්නන්න. දැන් ඔහොම උගන්නගෙන යනකොට කොල්ලෙක් ඇහුවලු පාඩමට කොහෙත්ම අදාල නැති ප්‍රශ්නයක්.


කොල්ලා    :- සර්, මොනවද සර් දිව්‍ය ලෝක හය?


හැබැයි ඉතින් අපේ සර් දිව්‍ය ලෝක හය තියා මේ ලෝකෙ නම මොකද්ද කියලාවත් දන්නෙ නැතුව ඇති. හැබැයි තැනේ හටියට ඇණේ ගහන කලාව නම් බඩා සර් හොදට දන්නවා. ඊට පස්සෙ සර් කිව්වලු මෙහෙම.


බඩා සර්      :- ඈ බොල ‍තෝ 10 වසරට ඇවිල්ලත් දිව්‍ය ලෝක හය 
                      දන්නෙ නැද් ද?                                     
      (මෙහෙම කියලා කොල්ලගෙ යටි බඩෙන් අල්ලලා මිරිකලා ඇදලා  
        අරන් කනේ පාරකුත් දුන්න්න ලු.)
                            
            ඊට පස්සෙ මෙහෙම කිව්වලු.


බඩා සර්      :- හ්ම්..... දන්න එකෙක් නගිටලා කියපියව් දිව්‍ය ලෝක හය.     
                     තොපි  එකෙකුටවත් 10 වසරට  ඇවිල්ලවත් දිව්‍ය ලෝක                                                                                                             
                     හය දන්නෙ නෑ. *******    තොපි තියන්ඩ වටිනව ද   
                     යකෝ.දන්න එකෙක් කියපිය නැගිටලා. නැත්තම් තොපි 
                     ඔක්කොම හම ගහනවා 
.

හැබැයි හොද වෙලාවට දිව්‍ය ලෝක හය දන්න එකෙක් පන්තියේ ඉදල තියනවා. මෑන් ඉතින් දිව්‍ය ලෝක හය කිව්වලු.
         
                  ඊට පස්සෙ සර් කිව්වලු
                      
"ආන්න අහගනින් මූ කියපුවා තමයි දිව්‍ය ලෝක හය"                         කියලා...


 ප.ලි. කුම්බෙටත් මේ වෙලාවෙ දිව්‍ය ලෝක හය මතක නම් නෑ. මොකද 
          අපි බඩා සර් ගෙ ගෝලයෝ නෙ.මොනව උනත් බඩා සර් හිත හොද           
          මනුස්සයෙක්!

Monday, December 20, 2010

නෝ කෝල් ද? රාබු ද? Miss call ද?

  මේ සිද්ධ්ය උනෙ අපි 10 වසරෙ ඉන්න කාලෙ. එතකොට ඉතින් ඔය මොබයිල් ‍‍ෆෝන් එහෙම එච්චර ජනපය කාලයක් නෙවෙයි. හරියටම කියනව නම්  මොබයිල්ෆෝන් ආපු මුල් දවස් වල. ඒ කලෙ ඔය අපේ කොල්ලො එකෙකුටවත් ෆෝන් තිබ්බෙ නැ. ඒ උනාට හැමෝම වැඩ්ඩො වගේ තම තමන් ගෙ දෙමපියන්ගෙ ෆෝන් ගැන පම්පෝරි ගහනව කෙල්ලො ඉස්සරහ.
         දවසක් කට්ටියම ඉන්ටවල් එකෙදි මේ වගෙ පම්පෝරි ගහන්න පටන් ගත්තා. තමන්ගෙ තත්තාගෙ ෆෝන් එක ගැන ඉස්සල්ලම කියන්න ගත්තෙ ලියෝ කාරයා. මේ යක්ශයාට ලියො කරයා කියලා වැ‍ටුනෙත් මිනිහගෙ කට හින්දම තමයි. මිනිහා කියවන්න ගත්තහම කටට බ්‍රේකේ කියල දෙයක් ඇත්තෙම නෑ. ඉතින් අපේ එව්න්ට මෙ කියවිල්ල අල්ලන්නෙත් නෑ. ඉතින් කියවාගෙන එන හැම වෙලවෙම අපේ කට්ටිය ලියෝ කාරයට කියනවා 
           "මචං උබෙ කට ගදයි. ඕකෙ ගද යන්න ලියෝ (ලියෝ කියන්නෙ ඔය සුදු ඇදුම් වල කහට යන්න         ඩ දාන ජාතියක්- දැන් නම් තියනවාද දන්නෙත් නෑ.) දාලා හෝද ගනින් " කියලා. එතකොට ඉතින් කට්ටියටම සුද්ද සිංහල අහගන්ඩ පුලුවන්. හැබැයි මිනිහගෙ කතවත් එතනින්ම නතර වෙනවා. ඔන්න ඔහොමයි මිනිහා ලියෝ කාරයා උනේ.
             එදා මිනිහා තමන්ගෙ පියගේ ෆෝන් එක ගැන කියන්න පටන් ගත්තෙ "අලි" එක්ක. ( අලි නියම නම නෙවෙයි. නික් නේම් එක) අලී කියන්නෙ අපෙ කැලෑසියේ හිටපු මුස්ලීම් පොරක්. නික් නේම් එකේ හැටියටමයි මිනිහගෙ ඇග. මේ දෙන්න ගැන කතා ඕනි තරම් තියෙන්වා. වෙලාව තියෙන හැටියට ඒවා පස්සෙ දාන්නම්කො.
              වටේ ගියා ඇති. දැන් කතාවට බහිමුකො. මෙන්න මෙහෙමයි සංවාදෙ.
  
ලියෝ:- අපේ තාත්තගෙ ෆෝන් එකට කෝල් එකක් ඇවිල්ලා ගන්ඩ බැරි    
            උනොත් ඩයල් එකේ  "නෝ  කෝල්" කියලා වැටෙනවා.                                

(ඒ කලේ ඔය මිස් කෝල් ප්‍රසිද්ධ නෑනෙ. මිනිහට කියන්න ඕනි උනෙ මිස් කෝල් එකක් ගැන. මිනිහට කිය උනෙ නෝ කෝල් කියලා හබැයි මිනිහට තම වැඩේ මීටර් නෑ)

අලී    :- ඇත්ත ද ? ආ‍‍ඩෙ අප්පා.... ආපේ අයිය ගෙ ෆෝන් එකේ නම් ඒ 
             වෙලා‍වට "රාබු" කියලා තමා වැටෙනවා...  
              
දැනුයි ලියෝ කාරයාට තමන් කියපු ඒවයින් මොකක් හරි අව්ලක් තියෙනවා කියලා තේරුනෙ.
දැන් හැමෝටම හිනාව නවත්තගන්ඩ බෑ. ඒ මදිවට එතන හිටිය කෙල්ලෝ සෙට් එකටත් හිනාව නවත්ත ගන්න බැරි උනා.
                  දැන් ලියෝ කාරයට රතු කට්ට පනින්න ඉතා ආසන්නයි.>>>>> ඔන්න මූගෙ රතු කට්ට පැන්නා. මිනිහ දැන් දුවගෙන එනවා අලී ට ගහන්න. මම කලිනුත් කිව්වනෙ අලී ගෙ සයිස් එක. හැබැයි ඒ දවස් වල ලියෝ කාරයා හාල් මැස්සෙක්ගෙ ප්‍රමනෙ.
                   වේගෙන් දුවගෙන එන ලියෝ කාරයගෙන් බේරෙන්න අලී තමන්ගෙ අත ඉස්සරහට දිග් කලා ඕන්.... එතකොටම ලියෝ ඇවිල්ලා අලී ගෙ අලි අතේ  වැදුනා. ඉතින් කට්ටියට හිතා ගන්න පුලුවන්නෙ සිද්ධ උනෙ මොකක් ද කියලා.... ඔව් ඔව් එහෙම තමයි උනේ. සරුන්ගලයක් වගෙ උඩින් ගිහිල්ලා කානුවකටම පත බෑ උනා.
                    කතාව නම් එච්චර රසවත් නැතුව ඇති. කමක් නෑ.. ඉස්සරහට වත් හොදට ලියන්න බලමු........

Thursday, December 16, 2010

යසට හිටි‍ය "මම" කුම්භ කරන උනු හැටි..........

       ඔන්න ඉතින් හා හා පුරා කියලා පළවෙනි කතාවට එන්නයි හදන්නෙ. මම පළවෙනියටම කියන්න යන්නෙ ම‍ට කාඩ් එක වැටිච්ච හැටි.. කාඩ් එක කියන්නෙ මොකක්ද කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑනෙ ඉතින්..
      හැබැයි මට ඔ‍ය කාඩ් එක වැටුනෙ A/L වලිනුත් පස්සෙ.. පුදුමයි නේද? කොල්ලෙකුට ඉස්කෝලෙ දි කාඩ් එකක් නොවැදි තියන එක.. ඔව්... ඒකට ත් එක හේතුවක් තිබුණා. මොකද ඒ දවස් වල කුම්භට තිබ්බෙ "හාලි" කටක්.. ඉතින් ක‍වුරැත් කැමති උනේ නෑ දැන දැන අමාරැවේ වැටෙන්න. කවුරැ හරි ඉතින් කුම්භ‍ට කාඩ් එකක් දැම්මොත් ඉතින් උන්දැ ඉදල ඉවරයි. මොකද ඒ වෙලාවට කුම්භගෙ කටින් කාඩ් කුට්ටමක් ම එළියට එනවා. මොන කරැමෙට හරි ඒ කාඩ් මුඵ ඒරියා එ‍කේම "පබ්ලිස්" වෙනවා. අනික ඒ කාර්ඩ් තර්ඩ් කැලෑසියේ ඒවා. ඉතින් කවුද කැමති ඉල්ලන් පරිප්පු කන්න. ඔහොම තමයි ඉතින් කාඩ් එකක් වැදුනෙ නැත්තෙ.
        තව පොඩ්ඩෙන් කාඩ් එක වැදිච්චි හැටි කියන්න මතක නැති වෙනවා වටේ ගිය හින්දා. ඔන්න  A/L වලින් පස්සෙ ඔය ‍හැමෝම වාගේ කුම්බෙත් ගියා තුන් මාසෙ ඉංගිරීසි පාඨමාලාවකට කඩ්ඩ පොලිෂ් කර ගන්න. හැබැයි ඒක නම් සිරා කෝස් එකක්. ගිය හැමෝටම අනිවාර්යෙන්ම කඩු හරඹෙ පුරැදු වෙලා තමයි එළියට ආවෙ. ආයෙත් වටේ ‍යන‍වා වගේ නේද?
         ඔන්න එහෙනම් කතාව කි‍යන්නයි යන්නෙ. කාඩ් එකේ හැටියට තමයි කුම්බෙගෙ චරිත ලක්ෂණත්. ඔව් ඔව් ඒ කියන්නෙ නිදිමත ඩයල් එකක්. ඉන්ටවල් එකෙන් පස්සෙ කුම්බෙට බැරිම දේ තමයි ඇස් පිය වෙන්නෙ නැතුව ඉන්න එක. කුම්බෙ සහ යාඵ‍වන්ගෙ වාස භවන උනේ ‍‍හැමදාම ඉතින් පන්තියේ පිටි පස්සෙම මුල්ල තමයි. ඒක ඉතින් කුම්බෙටත් කියාපු පොට් එක. දවසක් ඉන්ටවල් එකෙන් පස්සෙ කුම්බෙ පුරුදු පරිදි නිදාගෙන හිටිය ලු. ඒ නිදාගෙන ඉදලා තියෙන්නෙ මහ අජූත විදිහට ලු. (පසුව දැන ගත් පරිදි) ඕක ඉස්සරහ හිටිය කෙල්ලො සෙට් එක දැක්ක ලු. ඒ සෙට් එකේ හිටිය ලු කුම්බෙගෙ හොද‍ම පිට් එකක්.(වැරදියට එහෙම හිතන්න එපා ඕන්) ඔන්න එ‍යා ත‍මයි ඉතින් මේ කාඩ් එක දැම්මෙ..
          හැබැයි ඉතින්  එයා ඒ නම කොහේවත් "පබ්ලිස්" කලෙත් නැති ලු. ඒ උනාට හම්බ වෙන හැම සැරේම ඕක කියනව ලු. එහෙම බලද්දි මේක කාඩ් එකකුත් නෙවෙයි නේද?
           ඉතින් ඒ නම මේ බ්ලොග් එකට සුදුසුයි කියලා හිතුවා.

Wednesday, December 15, 2010

ආරම්භය

              ඔන්න මම හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් ගන්නයි යන්නෙ..ඊ‍ට කලින් පොඩි ‍හැදින් වීමක් ‍දැම්මොත් හොදයි කියලා මට හිතුනා.
              සයිබර් අවකාශයේ ඔ‍හේ සැරි සරද්දි මට හම්බ  උනා පලා මල්ල කි‍යලා අමුතුම ආකාරයේ බ්ලොග් එකක්.. ඒක තමයි මම ජීවිතේ ඉස්ඉස්සෙල්ලා ම කියවපු පළවෙනි සිංහල බ්ලොග් රාජයා.. ඔහොම යනකො‍ට තවත් බ්ලොග් රාජයෙක් මගේ මීටරේ‍ට අහුවෙච්චි.. ඒ තම‍‍යි ‍අපේ පූසෝ සෙට් එකගෙ බ්ලොග් එක. ඒකෙත් නි‍යම කතන්දර ටිකක් මම දැක්කා..ඊට පස්සෙ ඔ‍ය ඉබ්බා ගෙ බ්ලොග් එක, ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න, කතන්දර සූරින්ගේ බ්ලොග් එක එහෙම මට කියවන්න ලැබුණා. ත‍ව හසියා ගෙ නවාතැන ත් මගෙ හිතට අල්ලපු තැනක්.
               ඔහොම බ්ලොග් කි‍යවාගෙන යද්දි මටත් හිතුනා බ්ලොග් එකක් ‍‍පටන් ‍‍ගන්න.මොකද මගෙත් තියනවා කතන්දර ටිකක් කට්ටියත් එක්ක බෙ‍දා හදා ගන්න. හැබැයි ඒවා රසවත් ද නැද්ද කියන්න මම දන්නෙ නෑ. ඒක තීරණය කරන එක කියවන ඔබටම බාරයි.   
Related Posts Plugin for WordPress, Blogger...