Sunday, December 26, 2010

මැරතන්

                 ඔන්න කුම්බෙ O/L ලියන කාලෙත් ලඟා උනාලු. මේ ඉතින් වසර කීපයකට ඉස්සර. ඉතින් කුම්බෙ හිත ගත්තා මෙච්චර කල් කරපු නසරානි වැඩ කිඩ ටික පැත්තකට දාලා හොඳට විභාගෙ කරන්න. එහෙම හිතලා 11 වසරෙ මුල් මාසෙ බැහැලා ස්ටඩි කරගෙන ගියා ලු. යාළුවන්ටත් ඉතින් මේක පුදුමයක් ලු.
                ඇත්තටම කියනවානම් මේ ස්ටඩිමොරාල් එක තිබ්බෙ හරියටම මාසයයි ලු. මොකද හැම ඉස්කෝලෙකම වගෙ පෙබරවාරි මාසෙ වගෙ ඉඳල වාර්ෂික ක්‍රීඩා උත්සව පටන් ගන්නවනෙ. ඉතින් මේ සංසිද්ධිය කුම්බෙගෙ පාසලටත් පොදුයි ලු. ස්පෝට් මීට් ඒක එනව්න්ස් කරපු දවසෙ ඉඳල කුම්බෙගෙ ස්ටඩි මොරාල් එක කොහෙන් ගියාද කියල දන්නෙ නැති ලු.
              කුම්බෙත් ඉතින් මේ වගෙ වැඩ වලට බොහොම කැමතියිනෙ. ඉතින් මුලු දවසම පිට්ටනියෙම තමා. ඉතින් කුම්බෙ මේ පාර තීර්ණය කලාලු මැරතන් තර්ඟයට සහභාගි වෙන්න. වෙන කවඩවත් නැතුව උදේ පාන්දරින්ම ඉස්කූල් ආපු කුම්බෙ මැරතන් එකට ෆුල් ෆැක්ටිස්ලු. ෆුල් කිව්වට ෆුල්ම නෙවෙයිලු. පොඩ්ඩක් දුවනවා ලු. ගොඩාක් රෙස්ට් කරනවාලු. ආයෙ පොඩ්ඩක් දුවනවා ලු.ගොඩාක් රෙස්ට් කරනවාලු.   මේ දවස් වල උගන්නන බොහොම ටික වෙලවත් කට් කරගන්න එක තමයි කුම්බෙගෙ ප්‍රධන අරමුණ වෙලා තිබුනෙ. නැතුව මැරතන් එකට ෆැක්ටිස් වීම නෙවෙයි ලු. 
              ඔන්න කොහොම හරි මැරතන් එක දුවන දවසත් උදා උනා. උදේ ම ඉස්කෝලෙ ගිය කුම්බෙත් හරියට ප්‍රොෆෙසනල් ක්‍රීඩකයෙක් වගේ වැඩ දාලා වෝම් අප් වෙලා එහෙම ගේම් එකට සෙට් උනා ලු. ඔන්න ඉතින් මැරතන් එක පටන් ගත්තා. කුම්බෙත් ඉතින් ෆුල් වීරිය දාල දුවගෙන යනවලු.කොහොමටත් මේ මැරතන් එකේ දුර 15km විතර තියනවා. ලංකාවෙ තියන ප්‍රධාන පාරක් අසල තියන කුම්බෙගෙ පාසලින් ඇරබෙන මේ තරඟය ඒ ප්‍රධාන පාරෙ ගිහින් තවත් අතුරු මාර්ගයකට හැරිල නැවත පාසලට එන එක තමයි මේකෙ ට්‍රැක් එක. 
               දැන් ඉතින් කට්ටියම එකම පොදියකට දුවනවා ලු. පළවෙනි 3km විතර යනකොට කුම්බෙට ෆුල් ටයඩ් ලු. මෙවා ඉතින් කවදා කාපු ටකරංද? ඒත් ඉතින් හිතට ෆුල් ධෛරිය ගත්ත කුම්බෙත් දුවගෙන ගියාලු. දිව්වා කිව්වට ටිකක් දුවනවා. ටිකක් ඇවිදිනවා. කොහොමටත් තරගෙන් ඉවත් වෙලා ප්‍රථමාධාර වාහනෙ යන්න කුම්බෙගෙ හිත ඉඩ දුන්නෙම නැති ලු. හැබැයි මේ වෙනකොට අනිත් ක්‍රීඩකයො එකෙක් වත් ළඟ පාතක නැහෑ ලු. ඔන්න කොහොමෙන් කොහොමහරි 7.5km විතර ආව ලු. දැන් තියෙන්නෙ ප්‍රධාන මාර්ගයෙන් අතුරු පාරට හැරෙන්ඩ ලු. මේ පාරට හැරෙනවත් එක්කම කුම්බෙ දැක්කලු දියබරියව. දියබරියා කියන්නෙ ඉස්කෝලෙ ඉන්න මැරතන් සූරය. හැම මීට් එහෙකම මිනිහා තමා මැරතන් වලින් ෆ්‍රස්ට් වෙලා තියෙන්නෙ. මිනිහත් ඉතින් හෙමින් දුවගෙන යනව ලු. කොහොම හරි කුම්බෙ දිය බරියාව ඉස්සර කරාලු. ඉතින් කුම්බෙට දැන් ෆුල් හැපී ලු. හැමෝම ගෙස් කරලා තිබ්බෙ දිය බරියා මේ පාරත් කප් එක ගනීවි කියලා ලු. ඉතින් මෑන් ව ඉස්සර කලා කියන්නෙ කුම්බෙ මේ පාර ෆ්‍රස්ට් කියන එකනෙ. කොහොමද ටිකිරි මොලේ? 
                කොහොමහරි දැන් තර‍ඟෙ අවසන් වෙන තැනට කුම්බෙ ආව ලු. එතකොට කට්ටියගෙම චියර් එක කුම්බෙට ඇහුනා ලු. එතකොට ඉතින් හිතට ලොකු ගැම්මක් එනවානෙ. ඒ ගැම්මත් එක්ක ඇඟට ලොකු හයියකුත් කුම්බෙට ආවලු. දැන් නම් කුම්බෙට ෆුල් ම ෆුල් හැපී ලු. ඇයි ඉතින් පළවෙනියනෙ. කාටද ආඩම්බර? කොහොම හරි ඉතිං ‍ෆිනිෂිං ලයින් එකත් කුම්බෙ ක්‍රොස් කලා. එහෙම කරලා කැරකිලා වැඩ  දාලා, අත් උස්සලා කට්ටියට ආචාර කරද්දි ඕන් දැක්කා මැරතන් එක දුවපු 20ක් විතර ට්‍රැක් එක කම්ප්ලීට් කරල චේන්ජ් එහෙකුත් දාගෙන ඉන්නවා. දැන් ඉතින් වස ලැජ්ජාව. මැරතන් එකේ ෆ්‍රස්ට් ප්ලේස් සිහිනෙ බොඳ වෙලා යද්දි කුම්බෙගෙ ඇස් වල කඳුලුත් පිරුනා ලු. 
                 දැන් ඉතින් කුම්බෙට හරිම අප්සෙට් එකලු මෙහෙම උනෙ කොහොමද කියල. ඇයි ඉතින් හැමදාම ෆ්‍රස්ට් ප්ලේස් ගන්න දියබරියාවත් ඉස්සර කරපු එකෙ කොහොමද කුම්බෙට ෆ්‍රස්ට් ප්ලේස් නැති උනේ කියල. හැබැයි ඕක වැඩි වේලාවක් කල්පනා කර කර ඉන්ඩ ඕනි උනේ නැති ලු. ඔන්න ටික වෙලාවකින් ප්‍රථමාධාර වෑන් එක ආවලු. ඒකෙ දියබරියා හතර ගාතෙන් වැටිල ඉන්නව ලු. වෙලා තියෙන්නෙ මේකයි. මෑන් දුවද්දි ආබාදෙකට ලක් වෙච්චි එකලු. 
                     බැලින්නම් කුම්බෙ ඉස්සර කරල තියෙන්නෙ මේ අසරණයාව. ඔන්න ඔහොමයි කුම්බෙ මැරතන් දිව්වෙ.



ප.ලි.
කුම්බෙට පස්සෙත් තව දහදෙනෙක් විතර ට්‍රැක් එක සම්පූර්ණ් කරා ලු. ඒක හින්ද අන්තිමයා නම් උනේ නැහැ ලු

2 comments:

  1. කොහොම හරි කුම්බේ අන්තිමයා උනේ නැති එකත් ලොකු දෙයක්නේ.......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...