Saturday, December 25, 2010

බඩා සර් ගෙ දිව්‍ය ලෝක හය.

            අද නම් මම කියන්න යන්නෙ 'ලු' ෆොමැට් එකේ කතවක්. ඒ කියන්නෙ අසා දැනගත් කතාවක්. හැබැයි කතාව නම් ඇත්තම ඇත්ත කතාවක්. මේ සිද්ධියට සම්බන්ධ ගුරු තුමගෙ නික් නේම් එක තමයි "බඩා සර්". බඩා සර් කියන්නෙ ඇයි කියලා හිතා ගන්ඩ පුලුවන් නෙ ඉතින්. දැන් නම් එයා ජීවතුන් අතර නෑ.
              බඩා සර් අපිට ඉගැන්නුවෙ බුද්ධ ධර්මය. නමුත් එතුමා ගෙ බුද්ධ ධර්මය පිළිබද දැනීමයි අපේ බුද්ධ දර්මය පිළිබ්ද දැනීමයි එක සමානයි. ඒ කියන්නෙ බොහොම සාමාන්‍යය යි. සමහර විට  බුද්ධ ධර්මය බඩා සර් ගෙ විෂය නොවෙන හින්දා වෙන්න ඇති. ඒත් ඉතින් බුද්ධාගම !!! අනේ මන්දා.
              මෙන්න මේකයි කතාව. 
   
      බඩා සර් දවසක් අපිට ඉහල පන්තියකට ගියලු බුද්ධාගම උගන්නන්න. දැන් ඔහොම උගන්නගෙන යනකොට කොල්ලෙක් ඇහුවලු පාඩමට කොහෙත්ම අදාල නැති ප්‍රශ්නයක්.


කොල්ලා    :- සර්, මොනවද සර් දිව්‍ය ලෝක හය?


හැබැයි ඉතින් අපේ සර් දිව්‍ය ලෝක හය තියා මේ ලෝකෙ නම මොකද්ද කියලාවත් දන්නෙ නැතුව ඇති. හැබැයි තැනේ හටියට ඇණේ ගහන කලාව නම් බඩා සර් හොදට දන්නවා. ඊට පස්සෙ සර් කිව්වලු මෙහෙම.


බඩා සර්      :- ඈ බොල ‍තෝ 10 වසරට ඇවිල්ලත් දිව්‍ය ලෝක හය 
                      දන්නෙ නැද් ද?                                     
      (මෙහෙම කියලා කොල්ලගෙ යටි බඩෙන් අල්ලලා මිරිකලා ඇදලා  
        අරන් කනේ පාරකුත් දුන්න්න ලු.)
                            
            ඊට පස්සෙ මෙහෙම කිව්වලු.


බඩා සර්      :- හ්ම්..... දන්න එකෙක් නගිටලා කියපියව් දිව්‍ය ලෝක හය.     
                     තොපි  එකෙකුටවත් 10 වසරට  ඇවිල්ලවත් දිව්‍ය ලෝක                                                                                                             
                     හය දන්නෙ නෑ. *******    තොපි තියන්ඩ වටිනව ද   
                     යකෝ.දන්න එකෙක් කියපිය නැගිටලා. නැත්තම් තොපි 
                     ඔක්කොම හම ගහනවා 
.

හැබැයි හොද වෙලාවට දිව්‍ය ලෝක හය දන්න එකෙක් පන්තියේ ඉදල තියනවා. මෑන් ඉතින් දිව්‍ය ලෝක හය කිව්වලු.
         
                  ඊට පස්සෙ සර් කිව්වලු
                      
"ආන්න අහගනින් මූ කියපුවා තමයි දිව්‍ය ලෝක හය"                         කියලා...


 ප.ලි. කුම්බෙටත් මේ වෙලාවෙ දිව්‍ය ලෝක හය මතක නම් නෑ. මොකද 
          අපි බඩා සර් ගෙ ගෝලයෝ නෙ.මොනව උනත් බඩා සර් හිත හොද           
          මනුස්සයෙක්!

1 comment:

  1. අපාය 04 ක්
    · නිරය භුමිය
    · තිරිසන් භූමිය
    · පේ‍්‍රත භූමිය
    · අසුර භූමිය

    දිව්‍ය ලෝක 6 ක්
    · චාතුර්මහාරාජිකය
    · තාවතිංශය
    · යාමය
    · තුසීතය
    · නිම්මාන රතිය
    · පරනිර්මිත වසවර්තිය

    රූපාවචර බ‍්‍රහ්මලෝක 16
    අරූපාවචර බුහ්ම ලෝක 4

    “අනමතග්ගෝයංභීක්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති "
    මහණෙනි, මාගේ බුදු නෙතටත් පේන්නෑ මේ සත්වයා සංසාරෙ වැටුනේ කවදද කියලා. එසේ නම් අප කොච්චර මෙම සංසාරයේදි ඉපිද ඉපිද මැරි මැරී ගමන් කරන්න ඇත්ද? කොච්චර නම් සතර අපාය මහගෙදර කරගෙන ඉන්න ඇත්ද?

    මහණෙනි ඔබ මේ සංසාරයේ බිවු මවු කිරි මේ සප්ත මහා සාගරයේ ජාල ප්‍රමාණයට වඩා වැඩියි ! එම නිසා මේ පිළිබද තවත් නොවිමසන්න, සන්සාරයහි අපි ලෝකවල ඉපදී ඉපදී මරෙන්නෙමු, අප ජීවිත කාලයෙන් 75% ඉදුරන් පිනවීම කරන්නෙමු, මෙයින් මිදීමට යම් සමතෙක්ට හැකි වේද, ඔහු සංසාරයෙන් එතෙරට යයි. නැවත නොඉපදෙනු ඇත !

    මේ ලෝක පිහිටි සංසාරයෙන් මහා වීර්යයක් දරා එතෙරට පැමිණීමේ ඇති වෙච්ච ඉමහත් ජයග්‍රාහී සතුට නිසා...

    "කාමේසු විනෙය්‍ය ගේධං, නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතී ති!"

    යනුවෙන් සිහ නාද කලා ලු නේ අපේ බුදුන්...........

    එකොලොස් කාම භූමි නැසුවෙමි! නැවත කිසිම ගර්භයක උප්පත්ති වශයෙන් නොපැමිනෙමි!!!
    සාධු !! සාධු !! සාධු !!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...